ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් කළ උදය කුමාර මහතාට ඌව පළාත් සභාව වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව අද (29දා) රටට දැනුම්දෙන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
සන්ධානයේ පොදු එකඟතා කඩකරමින් උදය කුමාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා දී අනතුරුව ඌව පළාත් සභාවට තරග කිරීමට අවස්ථාව සලසා දීම අනුමත කළ නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.