තමා තවදුරටත් ජ්‍යෝතිෂය විශ්වාස නොකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන ඩවුන් (dawn) පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබේ.
එසේම සිය පරාජය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම පවසන්නේ,
“නැගෙනහිර ඉන්න මුස්ලිම් ජනතාව මෙන්ම උතුරේ ජනතාව ජාත්‍යන්තර කණ්ඩායම් විසින් නොමග යැවුවා”
එසේම යුරෝපය හා ඇමෙරිකාව පාකිස්තානයේ මෙන්ම ශ්‍රී ලංකාවේ මිතුරෙක් නොවන බවත්, පාකිස්තානයේ වර්තමානයේ සිදුවන දෑ සඳහා රෝ (RAW, ඉන්දීය ඔත්තු සේවය) සිටින බවත් හෙතෙම සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම පාකිස්තානයේ හිටපු අගමැති ෆර්විස් මුෂාරෆ් ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු වූ බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ.