ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද මැයි රැලියට සහභාගි වූ පිරිසක් රැගත් රඹුක්කන ලංගම ඩිපෝ බස් රථයකට ඊයේ (01දා) රාත්රී කාලයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මැයි රැලියට සහභාගි වූ පිරිසක් විසින් ගල් ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් බස් රථයට අලාභහානි සිදුව ඇතැයි එහි රියදුරු විසින් වරකාපොළ පොලීසියට පැමිණිලි කර තිබේ.
මෙම ගල් ප්රහාරය එල්ල කර ඇත්තේ ගැටඹේ පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගි වී ආපසු කොළඹ දෙසට යමින් සිටි පෞද්ගලික බස් රථයක ගමන් කළ පිරිසක් බව වරකාපොළ පොලීසිය සඳහන් කරයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
වරකාපොළ රංගන රුවන් /හෙම්මාතගම - විජය බණ්ඩාර