ජනතා විමුක්ති පෙරමුණ විසින් 45 වැනි වරටත් සංවිධානය කරන අප්‍රේල් විරු සමරුව මෙවර ප්‍රධාන නගර තුනක් මුල්කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව දිස්ත්‍රික් හා ආසන මට්ටමින් සමරු සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, ප්‍රධාන උත්සව තුනේ ප්‍රධාන ආරාධිතයන් ලෙස එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පානදුර නගරයේ පැවැත්වෙන සමරු උත්සවයටත්, අනුරාධපුර නගරයේ පැවැත්වෙන සමරු උත්සවයට දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතාත්, දෙනියාය නගරයේ පැවැත්වෙන සමරු උත්සවයසඳහා ප්රචාරක ලේකම් විජිත හේරත් මහතාත් සහභාගී වෙති.
අනිද්දා(05දා) පැවැත්වෙන අප්‍රේල් විරු සමරු උත්සව මැදපෙරදිග සහ යුරෝපයේ රටවල් කිහිපයකද පැවැත්වීමට සැලසුම් කර තිබෙන නිසා එයට සහභාගිවීම සඳහා පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මේ වනවිටත් විදේශගතවී ඇත.