ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් නව සංවිධායකවරයා ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ මුදල් ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කොට තිබේ
සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු විශ්වවිද්‍යාල සමයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවෙකු ලෙසද කටයුතු කර තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මස 02 වැනිදා පැවැති පක්ෂයේ 07 වැනි මහා ජාතික සමුවේදී ඔහු පක්ෂයේදේශපාලන මණ්ඩලයටත්, මුදල් ලේකම් තනතුරටත් තේරී පත් විය.
හඳුන්නෙත්ති මහතා2000 වර්ෂයේ සිට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරයි.නව දේශපාලන තත්ත්වයන් හමුවේ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ගත් තීරණයක් අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.