ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය, 'අල්ලේ පැළවෙන බොරු' බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අතර අවුල් සකස් කිරීමට ඇතැම් මාධ්‍ය වාර්තා පළකළද පක්ෂය සාමූහිකව කටයුතු කරන බවත්, මේ නිසා පක්ෂය අවුල් කිරීමට කිසිදු පුද්ගලයෙකුට නොහැකි බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මෙවැනි වාර්තා පළවීමට හේතුව රාජපක්ෂ කල්ලියේ වියරුවේ ප්‍රතිඵල බවත්, එහෙත් රාජපක්ෂ කල්ලියට හෝ වෙනත් කණ්ඩායම් පක්ෂයේ සාමාජිකයන් අතර ගැටුම් ඇති කිරීමට ගන්නා කිසිදු උත්සාහයක් සඵල නොවන බවත් ඔහු පවසා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අද (08දා) ජාතික පුවත්පතක පළකර තිබූ ප්‍රවෘත්තියක් හා විශේෂාංග ලිපියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.