ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම මොහොතක ඡන්දයකට සූදානම් බවත් රජය තවදුරටත් ඡන්ද කල් නොතබා ජනතාවට සාධාරණ ඡන්දයක් ලබාදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජික ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ, ඊයේ (17දා) බදුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“ඡන්දය ජනතාවගේ ප්‍රජාතතන්ත්‍රවාදී අයිතියක්. ඒත් මෑත කාලයේ තිබුණු කිසිදු ආණ්ඩුවක් ප්රජාතන්ත්රවාදයට ගරු කළේ නෑ. ඡන්ද කල් දැම්මා. ඡන්ද සිතියම් මකා දැම්මා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් තමන්ට වාසි වන ලෙසට කෑලි කෑලි කරලයි ඡන්ද තිබ්බේ. තමන්ට වාසිදායක වෙලාවේ ඡන්ද පවත්වා බලය ලබාගත්තා.
වත්මන් ආණ්ඩුවත් ජනතා අයිතියක් වුණු ඡන්ද බලය නොදී තමන්ට අවාසි වෙලාවේ ඡන්ද නොතියා කල් මරනවා. පළාත් පාලන මැතිවරණය කල් දාලා. තවත් පළාත් සභා තුනක නිලකාලය මේ වසරේ අවසන් වෙනවා. නැගෙනහිර, සබරගමුව හා උතුර. අපි කියන්නෙ ආණ්ඩුවට වාසිවන වෙලාව බලලා නොවේ, ජනතා අයිතියක් ලෙස සලකා ඡන්ද තියන්න ඕනෑ. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඕනෑම මොහොතක ඡන්දයකට සූදානම්. ජනතාවට සාධාරණ ඡන්දයක් ලබාදෙන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා" යැයි පවසා සිටියේය.
සටහන - විජේරත්න රත්නායක