මෙරට ජලය විකිණීම සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබා දී නොමැති බවත්, කිසිදුවිටක රජය එවැනි තීන්දුවක් නොගන්නා බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍යරාජිත සේනාරත්න මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවට එක්වෙමින් හෙතෙම මේබව පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාට පැවසීමට කිසිදු දෙයක් නොමැති බැවින් ඔහු ජාතිවාදය අවුස්සමින් පදනම් විරහිත කතා කියමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.