විමල් වීරවංශ මහතා ජලය පානය කරමින් පමණක් ශරීර සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑමට උත්සාහ කළහොත් වකුගඩුවලට සහ බඩවැල්වලට සුවකළ නොහැකි මට්ටමේ හානියක් සිදුවිය හැකි බව බන්ධනාගාර වෛද්‍යවරුන් පවසා තිබේ.
වීරවංශ මහතාගේ සුවදුක් විමසීමට බන්ධනාගාර රෝහලට ගිය ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයන් සමග වෛද්‍යවරුන් මේ බව පවසා තිබේ.
ජලය පානය කිරීමෙන් පමණක් දින හතක කාලයක් ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යෑමට අවස්ථාව තිබුණද ඉන් පසුව අවදානම් තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවද වෛද්‍යවරුන් පවසා තිබේ. දැනට වීරවංශ මහතා සෙමින් කතාබහ කරන බව ඔහු බැලීමට ගිය මන්ත්‍රීවරයෙක් පැවසීය.