රජය විසින් රුපියල් මිලියන 149ක වියදමින් ධීවරයන් 1490කට E-LOG BOOK හෙවත් ටැබ් පරිගණක ලබාදීමට පියවර ගෙන තිබේ.
ධීවර ප්‍රජාවට ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේදී නිශ්චිත සටහන් තබාගැනීම සඳහා පහසුකම් සැපයීම මෙහි අරමුණ වී තිබේ.
මෙම ටැබ් පරිගණක රළු භාවිතයට සකස් කළ ඒවා බවත්, විශේෂයෙන් ජලයේ යට පවා එම ටැබ් පරිගණක හානියක් නොවී සටහන් තබා ගත හැකි බවත් ධීවර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ටැබ් පරිගණක තුළ VMS- Vessel Monitoring System- ධීවර යාත්‍රා නියාමන පහසුකම් ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදී තිබේ.