පොරොන්දු වූ ආකාරයට ප්රසාද දීමනාව ලබානොදීමට එරෙහිව ජල සම්පාදන සේවකයන් ගෙනයන වෘත්තීය ක්රියාමාර්ගයට හෙට (28දා) දහවල් 12.00 වනවිට විසඳුම් නොලැබුණහොත් සවස 5.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව ජල සම්පාදන මණ්ඩල වෘත්තීය සමිති සඳහන් කරයි.
මීට අමතරව හෙට උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා සියලුම කාර්යාල කටයුතුවලින් ඉවත්ව සිටීමේ ක්රියාමාර්ගයක් දියත් කරන බවත්, එහිදී බිඳවැටීම් සකස් කිරීම සහ පාරිභෝගික කටයුතු කිසිවක් සිදු නොකරන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.