ජල විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම් වැසි නොලැබීම හේතු කොටගෙන ඉදිරියේදී අඩු වුවහොත් එය ජාතික විදුලිබල පද්ධතියට බලනොපාන අන්දමින් කළමානාකරණය කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ නැගෙනහිර පළාතේ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ උත්සවයට වව්නියාව නගර ශාලාවේ දී එක්වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..
අපට දිනකට මෙගාවොට් 2200ක පමණ ඉල්ලූමක් පවතිනවා. නමුත් මේ දිනවල ඒ තත්වය ඒකක 200කින් පමණ වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් එම තත්වය කළමනාකරණ කරමින් තමයි අද දවසේ අපි මේ තත්වයන්ට මුහුණ දෙන්නේ. සියළු දෙනාම එක්ව කැපවීමෙන් මෙගාවොට් 400ක ඉතිරියක් කරගන්නට පුළුවන්නම් අපට කිසිම අභියෝගයක් නෑ. එය ආත්මීය වගකීමක් විදියට සැලකීම ඉතා වැදගත්. යැයිද පැවසීය