සියලුම ජල බිල්පත් අද (01දා) සිට ලංකාවේ ඕනෑම තැපැල් කාර්යාලයකින් ගෙවීමට හැකි බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
ලංකාව පුරා පිහිටි තැපැල් කාර්යාල 4610 තුළින්ම රුපියල් 05 ක කොමිස් මුදලක් ගෙවීම තුළින් බිල්පත් ගෙවීමේ හැකියාව ලැබෙන බවත් මේ හරහා ජල පාරිභෝගිකයන්ට රුපියල් 10 ක ඉතිරියක් සිදුවන බවද එම මණ්ඩලය සඳහන් කළේය.
ජල බිල්පත් ගෙවීමේදී සෑම ජල පාරිභෝගිකයෙකුම ජල බිල්පත් ගෙවන ස්ථානයට රුපියල් 15 ක කොමිස් මුදලක් ගෙවිය යුතුවේ.
මේ පිළිබඳව අවධානය යොමුකළ ජල සම්පාදන මණ්ඩලය රුපියල් 05 ක කොමිස් මුදලක් ලබාගැනීම යටතේ ජල බිල්පත් එකතුකිරීම සඳහාපසුගියදා තැපැල් දෙපාර්තමේන්තුව සමග විශේෂ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුමට අනුව ජල බිල්පත් එකතු කිරීම අද (01දා) සිට ක්රියාමත්මක වේ.