වසර හතරකින් ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බැවින් ළඟදී ජල ගාස්තු සංශෝධනයක් සිදු වන නමුත් එය සිදු වන කාලය හෝ දිනය තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ජල සම්පත් ජලාපවහන සහ නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
මහනුවර කටුගස්තොට පිහිටි මහනුවර සහ තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘති කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ පැවසීය.