ජල ගාස්තු නුදුරේදීම සංශෝධනය කරන බව නාගරික සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. කුරුණෑගලදී ඊයේ (29දා) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලීටරයක ජල බෝතලයක් සඳහා වෙළඳපොළ තුළ රුපියල් 60ක මිලක් නියම වී තිබුණත් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය මහජනතාවට ජලය ලීටර් 1000ක් ලබා දෙන්නේ රුපියල් 12ක මිලකට බවත් ඔහු පැවැසීය.
ජලය පිරිසුදු කිරීමට හා ප්‍රවාහනය කිරීමට ජලාප්‍රවාහන මණ්ඩලයට අධික වියදමක් දැරීමට සිදුවන බවත් ඒ හේතුවෙන් අවම මිළ ගණන් යටතේ ජලය ලබාදීම කළ නොහැකි කරුණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.