කොළඹ අක්ෂි රෝහලේ ශල්‍යාගාරයට අවශ්‍ය ජලය නොමැතිවීම නිසා ඊයේ (30දා) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ ශල්‍යකර්ම විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවිය.
මේ නිසා ශල්‍යකර්ම සිදුකරගැනීම සඳහා දුර පළාත්වලසිට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වූහ.
බොහෝ රෝගීන් ශල්‍යකර්ම කිරීමට පැමිණ තිබෙන්නේ අලුයම 3.00සිටය.
පෙරේදා (29දා) උදේ සිට පැය 15 ක කාලයක් කොළඹ ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය විසන්ධි කිරීමක් සිදුවිය.
මේ නිසා ජල ටැංකිය තිබූ ජලය පෙරේදා දිනයේදී අවසන්වී තිබෙන ජල සැපයුම යථා තත්වයට පත් කළද හිස්වූ ටැංකියට ජලය පිරවීමට කටයුතු කර නොමැති අතර මේ නිසා ඊයේ දිනයේදී ශල්‍යාගාරයට සේම අනෙකුත් කටයුතුවලට අවශ්‍ය ජලය නොමැති වී තිබේ.
ජල බවුසර කිහිපයකින් ජලය ලබාගත්තද එය ප්‍රමාණවත් නොවු බවද රෝහල් සේවකයෝ සඳහන් කළහ.
මේ පිළිබඳව විමසීමට රෝහල් අධ්‍යක්ෂකවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද රෝහල් අධ්යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ අතර දුරකථන ක්‍රියාකරුගෙන් රෝහල් අධ්යක්ෂවරයාගේ ජංගම දුරකථන අංකය ඉල්ලා සිටියද ජංගම දුරකථන අංකය ලබාදීම දුරකථන ක්‍රියාකරු විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
ශල්‍යකර්ම කරගැනීමට පැමිණි සිටි බොහෝ පිරිසක් ඊයේ සවස්වනතුරු ශල්‍යාගාරයේ අසල පෝලීම් ගැසී සිටින අයුරු දැකගන්නට ලැබිණි.