ජර්මනිය වෙන්කළ බර්ලීන් බිඳ වැටී වසර 25 යි
ජර්මනිය බෙදා වෙන්කර තිබූ ඓතිහාසික බර්ලින් තාප්පය බිඳ දැමීමේ 25 වැනි සංවත්සරය සැමරීම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය තුළට මිනිසුන් පලා යාම වැළැක්වීම සඳහා 1961 දී බර්ලීන් තාප්පය ඉදි කෙරිණි.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර තිබූ සීතල යුද්ධය නිමා කිරීම සංකේතවත් කරමින් 1989 දී බර්ලින් තාප්පය බිඳ හෙළනු ලැබුණු අතර, සැතපුම් 96ක් දිගින් යුතු වූ තාප්පය අනාගත පරපුරට දැකගැනීම සඳහා ස්මාරකයක් ලෙස එහි කිලෝ මීටර 3ක පමණ කොටසක් ඉතිරි කෙරිණි.
මෙම ඓතිහාසික අවස්ථාවට එක් වෙමින් ජර්මානු චාන්සලර්වරිය පවසා සිටියේ තාප්පය බිඳ හෙලීම ජර්මානු ජනතාවගේ සිහින සැබෑ වීමක් බවය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජයට පත් වීමෙන් පසු නැගෙනහිර සහ බටහිර වශයෙන් දෙකඩ වූ ජර්මනිය, බර්ලින් තාප්පය බිඳ වැටී වසරක් ඇතුළත යළි එක්සත් වූ අතර, අද වනවිට යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් ලෙස ජර්මනිය නැගී සිටින්නේ ඒ එක්සත් බව තුළය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
