ජර්මනිය, ප්රංශය හා බෙල්ජියම වෙත බලපා ඇති අයහපත් කාලගුණයත් සමග ගංගා පිටාර ගැලීමෙන් දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති වී තිබේ.
එමෙන්ම, මේ හේතුවෙන් පුද්ගලයන් 9කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, නිවාස හා ගොඩනැගිලි මෙන්ම, වාහන රැසක් ජලයෙන් යටවී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ප්රංශ බලධාරීන් පෙන්වා දෙන පරිදි, ලොයින්ග් ගංගාව ආශ්රිත ප්රදේශයේ ජල මට්ටම 1910 වසරේදී පැරීසියට බලපෑ දරුණුතම ගංවතුරින් පසුව වාර්තා වූ ඉහළම ජල මට්ටම් වාර්තා කර තිබේ.
එහිදී, පැරීසියට කිලෝමීටර් 50ක් පමණ දකුණු දෙසින් වූ නේමර්ස් නගරයේ ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවත්, ජලයෙන් යටවූ නිවෙස්වල කොටුවී සිටින ජනතාව බේරාගැනීම සඳහා ගිනිනිවන හමුදාව හා පොලීසිය යුහුසුළුව කටයුතු කරන බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම ගංවතුර හේතුවෙන් වැඩිම ජීවිත හානි ජර්මනියෙන් මෙතෙක් වාර්තා වන අතර, එරට පමණක් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජීවිතාරක්ෂක හමුදාවන්ට සිම්බාක් ඉන් නගරයේ නිවෙසක තිබී ගංවතුරට කොටුවීමෙන් මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. එමෙන්ම, පොලීසිය පෙන්වාදෙන පරිදි තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවද කියැවෙයි.
මෙම ගංවතුර සමග මහා ජල පහරේ ගසාගෙන එන ගස් හා කසල හේතුවෙන් බොහෝ නිවාස හා මෝටර් රථවලටද දැඩි හානි සිදුවී ඇති බවද විදෙස් වාර්තා පවසයි.