ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණෙන පුජ්‍ය පක්ෂයෙන් මුදල් අය කිරීම නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රෝහල් පාලනාධිකාරියට දැනුම් දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණෙන සියලුම ආගම් වල පුජ්‍ය පක්ෂය සඳහා නොම්ලේ ප්‍රතිකාර ලබාදීමට ගෙනගිය ක්‍රමවේදය අධ්‍යයනය කරන ලදුව ඒ සදහා වැය වන මුදල ඉතා අධික බව රෝහල් අධ්යක්ෂ මණ්ඩලය විසින් නිරීක්ෂණය කර තිබුණි.
ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පමණක් රෝහල අවට ඇති ආගමික සිද්ධස්ථානයන් හි වැඩසිටින පුජ්‍ය පක්ෂයට සීමා වන සේ කටයුතු කිරීමට රෝහල් අධ්යක්ෂ මණ්ඩලය තීරණය කරන ලදි.
එම තීරණය අවලංගු කර රෝහලට පැමිණෙන පුජ්‍ය පක්ෂයට නොමිලයේ නේවාසික හා බාහිර ප්‍රතිකාර පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහදලියනගේ මහතාට දැනුම් දි ඇත.