දූෂණ චෝදනා මත තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙත සිරදඬුවම් නියම කිරීමට විරෝධය පාමින් දකුණු ඉන්දීය සිනමා නළු නිළියන් දිනක් නිරාහාරව සිටිමින් උද්ඝෝෂණයක නිරත වී තිබේ.
වත්කම් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබමින් වසර 4ක සිරදඬුවමක් ජයලලිතා වෙත හිමිව ඇති අතර, ඇය මේ වනවිට බැංගලෝර් සිර කඳවුරේ රඳවා සිටියි.
එමෙන්ම, සිවු වසරක සිරදඬුවම් ලැබ සිටින ජයලලිතා ජයරාම්ට ඇප ලබාදීම ලබන 6 වැනිදා දක්වා කල් ගොස් ඇතැයිද වාර්තා වෙයි.
ජයලලිතාගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය වෙනුවෙන් මහජන නීතීඥවරයෙකු යෙදවීමට කර්නාටක අධිකරණය අපොහොසත්වීමත් සමගින්ම මෙම තත්ත්වය හට ගෙන තිබේ.