තමින්නාඩු මහ ඇමතිනිය වශයෙන් නැවතවරක් දිවුරුම් දුන් ජයලලිතා ජයරාම් මහත්මිය ශ්‍රි ලංකාවේ උතුරු පළාත් මහ ඇමති හමුවීමට සූදානම් යැයි සඳහන් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තමිල්නාඩු රජය, මධ්‍යම රජය හා කටයුතු කිරීමට සූදානම් බවත් ඇය පවසයි.
තමින්නාඩු මහ ඇමතිනියට සුබ පැතුම් එක්කරමින් උතුරු පළාත් මහ ඇමති යොමුකණ ලිපියට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කරයි.