ඉන්දියානුවේ දකුණුදිග තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා එරට අභියාචනාධිකරණයක් විසින් ඉවත දමා ඇති බව එරට මාධ්‍ය පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉන්දීය අධිකරණය ඉදිරියේ වැරදිකාරිය බවට පත්වූ හිටපු මහ ඇමතිනියට වසර 4ක සිරදඬුවම් නියම කෙරිණි.
ඇ.ඩො.මිලියන 10කට අධික ප්‍රකාශ කළ නොහැකි වත්කම් සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වූ අතර, ජයලලිතාට සිය මහ ඇමති ධුරයද අහිමි විය.
මෙම නඩු තීන්දුවත් සමග ජයලලිතාට නැවතත් මහ ඇමති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවද පැවසෙයි.