ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්සත් ජතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක හා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ යන මහත්වරු පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට අද (08දා) සවස පැමිණියහ.
ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ නැගී පැමිණි තිස්ස අත්තනායක මහතාට සන්ධාන නායකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, සමහරුන් වැලඳගනිමින් සිය සතුට ප්‍රකාශ කළහ.
පැය භාගයක් පමණ විද්‍යාලංකාර පිරිවෙනේ රැඳී සිටි පිරිස කැලණි විහාරය බලා ගිය අතර, මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය මර්වින් සිල්වා, බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ