කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ කලමනාකාරීත්වය සහ සේවකයින් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර ඇති බව වරාය අධිකාරිය පැවසීය. ඒ පර්යන්තයට වඩා දිග විශාල නෞකා දෙකකට එකවර සේවා සපයමින් වන අතර ජය බහලු පර්යන්තයේ දිග මීටර 660කි. නමුත් පසුගියදා ජය බහලු පර්යන්තය වෙත නෞකා දෙකක් එකවර සේන්දු විය. එහි සමස්ත දිග ප්රමාණය මීටර් 685කි. එවැනි තත්ත්වයකදී නාවික කොට්ඨාෂයේ ද සහය ඇතිව මෙම නෞකා දෙකටම ඉහළ සේවයක් ලබාදීමට ජය බහලු පර්යන්තය සමත් වූ බව ශ්රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ මෙහෙයුම් ජයන්ත පෙරේරා මහතා පැවසීය. මෙය වරාය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සනිටුහන් වේ.