ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ නව උපකුලපති ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (17) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වැඩ බාර ගත්තේය.
හෙතම මීට ඉහතදී එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කරනු ලැබීය.
උපකුලපතිවරයා වැඩ බාර ගැනීමේ අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති කෂ්ණුකා හිරිබුරේගම, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතාද එක්ව සිටියහ.