ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දෙවැනි අර්ධ වාර්ෂිකයට අදාල පරීක්ෂණ පසුව දැනුම්දෙනතුරු කල් දමා ඇති බව පීඨාධිපති පවසයි.ඒ අනුව දෙවැනි අර්ධ වාර්ෂිකයේ අද (25දා) සවස මෙන්ම හෙට (26දා) පැවැත්වීමට නියමිත පරීක්ෂණ කල්දමා තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පැවැසීය.
කෙසේ නමුත් 28වැනිදා සිට පැවැත්වීමට නියමිත පරීක්ෂණ නියමිත පරිදි පැවැත්වෙනු ඇති බවද ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.