ශ්‍රී ජයවර්ධනපුර ජාතික රෝහලට අනුබද්ධිතව සේවයේ නියුතු හෙද සේවක කාර්යමණ්ඩලයේ 150 දෙනෙකුට ආසන්න පිරිසක් අද (03දා) රැකියාවට වාර්තා කර නොමැත.
ඒ අලුතෙන් හඳුන්වා දුන් ඇඟිලි සලකුණු යන්ත්‍රයකට එරෙහිව සිදුකරන වර්ජනයක් හේතුවෙන් බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න පවසයි.
දොස්තර සේනාරත්න පවසන පරිදි හෙද නිල නිවාසවල සිටින හෙද කණ්ඩායම් ඇඟිලි සලකුණු යන්ත්‍රය ඉවත් කරන තුරු රැකියාවට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
එසේම ඔහු පවසන පරිදි හෙද වෘත්තිකයන්ගේ එකමුතුව සමග මෙම තත්ත්වය සම්බන්ධයෙන් මින් පෙරාතුව සාකච්ඡා කර ඇති අතර, එම සාකච්ඡා අසාර්ථක වී ඇත.
කෙසේ හෝ රෝහල් පාලනාධිකාරය මේ සම්බන්ධව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග තවත් සුළු මොහොතකින් සාකච්ඡා කිරීමට නියමිතය.
එසේම මෙම හෙද වර්ජනය නිසා රෝහල් කටයුතු අඩාල වී නොමැති බවද වෛද්‍ය සේනාරත්න පවසයි.
ඩේලි මිරර් ඇසුරෙන්