ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව මෙම මස 12 වැනිදා පෙරවරු 10.00ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රැස්වේ.
මෙම මහා සභා රැස්වීමට සහභාගි වන්නැයි ආදි විද්‍යාර්ථින්ගේ සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් මෙහිදී ගැනීමට නියමිතය.
වැඩි විස්තර සංගමයේ ලේකම් මහාචාර්ය අබේරත්න බණ්ඩාර (0777224399) සහ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ (0777269321) යන මහත්වරුන්ගෙන් හෝ japura.alumni@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය විමසීමෙන් ලබාගත හැකිය.