ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරා කෝනෝ මහතා ජනවාරි 05 දා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතය.
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයෙක් ශ්‍රි ලංකාවේ සංචාරයකට එක්වෙන්නේ වසර 15කට බව විදේශ කටයතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඔහු සිය සංචාරයේදී ජනපති මෛත්‍රීපාල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.