ජපානයේ තෝකියෝ නුවර පැවැති ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනය සඳහා එක්වූ යුද හමුදාවේ ක්රෝප්රල් ඩී.එම්.සී. දිසානායක මහතාට එහි රිදී පදක්කම හිමිව තිබේ.
ආපදා තත්ත්වයන් සඳහා ස්වයංක්‍රීයව ආරක්ෂක පද්ධතියක නිර්මාණයට මෙම පදක්කම හිමිව ඇති අතර ඔහු තාක්ෂණික අංශයෙන් මෙම නිර්මාණය ඉදිරිපත් කර තිබුණි.
ප්‍රදර්ශනය අගෝස්තු මස 04 දා සිට 06 දා දක්වා පැවැත්වුණි. දිසානායක මහතා යුද හමුදාවේ 2 වැනි සන්නද්ධ බුද්ධි බලකයා නියෝජනය කරයි. මෙය ඔහුගේ පළමු නවෝත්පාදන නිශ්පාදනය වෙයි. එය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද යාපනය නව නිපැයුම් ප්‍රදර්ශනය සඳහා එක්කළේය.
එවකට යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කටයුතු කළේය. ඔහු එම නිර්මාණය පුද්ගලිකව නිරීක්ෂණය කරමින් තවත් සාර්ථක කර ගැනීමට උපකාර කළ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.