2018 වසරේ මුල දී සිංගප්පූරුව සමග අත්සන් කෙරුණු නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක සංධිස්ථානයක් බව ද අගමැතිවරයා පැවසීය.
ජපන්-ඉන්දු-චීන ක්‍රියාකාරී සැළසුම් සමග කටයුතු කරනවා - රනිල්
ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට රජය කැපවී සිටින බව සිංගප්පූරුවේ පැවති ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සමුළුව අමතමින්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
02 වන දා පෙරවරුවේ සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ ඇරඹි මෙම සමුළුව අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ චීනයේ සිට ස්පාඤ්ඤය දක්වා වෙසෙන බිලියන 3 ක ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා සැපයිය හැකි, ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලයීය පිහිටීමේ වාසිය ලබා ගැනීමට දැන් ජාත්‍යන්තර ආයෝජකයන්ට අවකාශ ලැබී ඇති බවය.
ශ්‍රී ලංකාවේ ශක්තීන් කෙරෙහි වැඩි බරක් තබමින්, කලාපයේ කැපී පෙනෙන ස්ථානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙමින් සිටින බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, ජපානය ඉදිරිපත් කළ ර්ඉන්දු - ශාන්තිකර නිදහස් හා විවෘත සමුද්‍ර ගමනාගමන” සංකල්පය, ඉන්දියාවේ "අසල්වැසියාට ප්‍රමුඛත්වය” ප්‍රතිපත්තිය හා චීනයේ "එක් තීරයක් – එක් මාවතක්” වැඩ පිළිවෙල යන ක්‍රියාකාරී සැලසුම් තුන සමගම කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කරන බව ද පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


