(UPDATE) ජනපතිවරණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අද (20දා) සවස 1.30ට ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් මාධ්‍යයට නිකුත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු මොහොතකට පෙර කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පැවැසීය.
ඉදිරි ජාතික මැතිවරණයක් වන ජනාධිපතිවරණයට අදාළ තොරතුරු පිළිබඳව රජයේ නිල ප්‍රකාශය අද දිනයේදී සිදු කරනු ඇති බව 'අද' පුවත්පතට වාර්තා වේ.
ඊයේ (19 දා) රාත්‍රී රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම හා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙන අතර ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද (20දා)දිනය තුළදී නිකුත් කරනු ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 'අද' පුවත්පතට පැවසීය.
ජනාධිපතිවරණය ලබන ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.