ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළැඹ නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ සමග ඊයේ (09දා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ.
කිසිම අවස්ථාවකදී උතුරු නැගෙනහිර ජාතිවාදයක් ව්‍යාප්ත කිරීමට කිසිවෙකුට අවස්ථාව ලබානොදෙන බවත්, ඒ පිළිබඳව දෙමළ නායකයන් දැනුවත් කර ඇති බවත් ආර්.සම්බන්දන් මහතා එහිදී අවධාරණය කර ඇත.
ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ ඊයේ සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරණය රටේ ආර්ථික තත්ත්වය ඇතුළු වත්මන් දේශපාලන වටපිටාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවය.