ජනාධිපතිවරණයක් පේන තෙක් මානයක නෑ
ජනාධිපතිවරණයක් පෙනෙන තෙක් මානයක නොමැති බවත් පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පෙරළිය නොහැක බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
බලපිටියේ පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“පළාත් පාලන මැතිවරණය ජාතික මට්ටමේ මැතිවරණයක් නොවේ. මේ මැතිවරණයෙන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් කරන්න බැහැ. ජනාධිපතිවරණයක් පේනතෙක් මානයක නැහැ. 2021 ක වෙනකම් ජනාධිපතිවරණයක් නැහැ. මේ ඇමති මණ්ඩලයම 2020 වෙනකම්ම ඉන්නවා. ජනාධිපති වෙනස් කරන්න බැහැ වගේම ඇමති මණ්ඩලයත් වෙනස් කරන්න බැහැ. සමහරු මතයක් ගෙනියනවා මේ මැතිවරණයට මේ දේවල් කරන්න පලුවන් කියලා. මේ මැතිවරණය ජනමත විචාරණයක් නෙමෙයි.
මේ රටේ වැරදි කරන්නේ අගමැතිද ඇමැතිවරුද කියලා ජනාධිපති සිරිසේන මහත්තයාට අදාළ නැහැ. වැරැද්ද කර අය වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කරවනවා. මහා බැංකු බැදුම්කර වංචාවට කොමිසම පත්කරනකොට කිව්වා මේක වහන්නයි මේ කොමිසම දාන්නේ කිව්වා. හොරු ආරක්ෂා කරන්නයි මේ කොමිසම දාන්නේ කියපු අයත් ඉන්නවා. මොකද අන්තිමට වුණේ හොරු කවුද කියා හදුනාගත්තා. දැන් හොරු අල්ලා දඩුවම් කරන්න නිතිය ක්‍රියාත්මක කරන්න ආයෙත් කොමිසමක් පත්කරනකොට කියනවා ඒක දියාරු කරන්න හදනවා කියලා.
අපි දන්න විදිහට ජනාධිපතිතුමාට කිසිම වුවමනාවක් නැහැ හොරු ආරක්ෂා කරන්න.එතුමා මේ සියල්ල කරන්නේ ඉතා විනිවිද භාවයෙන් යුත්තවයි.අපිට එතුමා විස්වාසයි.එතුමාව කවදාවත්ම හොරු ආරක්ෂා කරන කෙනෙක් නම් නෙමෙයි.”
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


