මීළඟ ජනාධිපතිවරණයට පෙර අනිවාර්යයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීමට අදාළව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඒ සඳහා මහජන අදහස් විමසීමක් සිදුකිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ ඊයේ (18 දා) අවධාරණය කළේය.
එසේ සකස් කරන කෙටුම්පත ජනාධිපතිවරණයේදී මහජන අදහස් විමසීමකට ලක්කළ යුතු බවත්, ඒ සඳහා කාලරාමුවක් සකස් කර රටට ඉදිරිපත් කළයුතු බවත් එම පක්ෂය කියා සිටියි.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ මේ මොහොතේදී ජනාධිපතිවරයා විශ්වාස කරන බවයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයන් එක එක අදහස් පළකර තිබූ බව කී මුසම්මිල් මහතා කරුණු 12 කින් යුත් යෝජනාවලිය ඉදිරිපත් කළේ ජනාධිපතිවරයාට මිස වෙනත් පුද්ගලයන්ට නොවන බවද අවධාරණය කර සිටියේය.