මූල්‍ය විනය හා මූල්‍ය පාලනය සම්බන්ධයෙන් කෝප් කමිටුව සතු බලය බෙහෙවින් ශක්තිමත් බවත්,ජනාධිපතිවරයාට,අගමැතිවරයාට හෝ ඇමතිවරුන්ටවත් ඊට අනිසි බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති හිටපු කෝප් කමිටු සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකර මහතා පැවසීය. දැනට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින් මෙම වාර්තාවට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත්, පාර්ලිමේන්තු මහලේකම්ගෙන් මෙම වාර්තාව ඉල්ලාගෙන ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරයා සතු වගකීමක් බවද හෙතෙම පැවසුයේ අද(03) පැවති මාධ්‍ය හමුකදීය
එහෙත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් පවත්නා නීති රීති හා සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් තමන් එම කමිටුවේ ඇතුළත් තොරතුරු මාධ්‍යයට නිකුත් නොකරන බව ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවෙන් තමාට බලය පැවරුණේ මහබැංකු අධිපතිවරයාට එරෙහිව 88 දෙනෙකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවකට ප්‍රමාණවත් කරුණු පවතින්නේද යන්න විමර්ශනය කර කරුණු ඉදිරිපත් කිරීම බවද ඩිව් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.