ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පදවි ප්රාප්තියේ වර්ෂපුර්ණය වෙනුවෙන් සංවිධානය කරන විශේෂ ජාතික සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය ඉන්දීය නිදහස් සටහනේ පුරෝගාමියෙකු වන මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විශේෂ ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 08 වැනිදා පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
ගෝපාල් ක්‍රිෂ්ණා මහතා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරයෙකු ද වෙන අතර ‘ගාන්ධි සහ ලංකාව‘. ‘නේරු සහ ලංකාව‘ යන ග්රන්ථද රචනාකර තිබේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට දෙස් විදෙස් නියෝජිතයින් ද සහභාගීවීමට නියමිතය.