මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට මේ වන විට පෙත්සම් 1247 ක් ලැබී ඇති බවත් ඉන් පෙත්සම් 200 ක් පමණ විමර්ශනයට යොමු කර ඇති බවත් එහි ලේකම්, ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ,
කොමිසමට ලැබෙන බොහෝ පැමිණිලි පෞද්ගලික කාරණා සම්බන්ධ ඒවා බවත් පෙත්සම් ඉදිරිපත් කිරීමේදී 2010 – 2015 අතර කාලයේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු වූ කිසියම් දූෂණ හෝ වංචා පිළිබඳව ඉදිරිපත් කළ හැකි අතර ඒවා පෞද්ගලික කාරණා නොවිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
දැනට මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම එක් විමර්ශනයක් සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට එල්ල වූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය අවසන් කර ඇති අතර ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව ද ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා නීතිපතිවරයාට දැනුම් දී ඇති බව ය.