ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂක හමුදා වෙනුවෙන් අවි ගබඩා ඉදිරියේදී ඉදිනොකිරීමට රජය තීරණය කර ඇති බවත් එසේම අද(11දා) සිට හානි වූ නිවාස පිළිබදව සිදුකරන තක්සේරු කටයුතු ආරම්භ කරන බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේබව කීය.
සාලාව - යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු වසා දැමුණු ප්‍රදේශයේ සියලූම පාසල් ලබන සඳුදා වනවිට විවෘත කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.