'මට ඔය මොන කොමසාරිස් වුනත් එකයි. මම කරන්නේ මට අවශ්‍ය දේ' යනුවෙනුත් කියලා
නීති විරෝධී අන්දමින් ඡන්දදායකයින් අතර බෙදාහැරීම සදහා රැගෙන යමින් සිටි භාණ්ඩ විශාල ප්‍රමාණයක් ජනතාව විසින්ම අල්ලා පොලීසියට භාර දීමෙන් පසුව එම ද්‍රව්‍ය සහ වාහනය පොලීසිය විසින් ඊයේ (05දා) නිදහස් කර තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
හල්දුමුල්ල ප්‍රාදේශීය සභාවට අයත් නූඩ්ල්ස්, හාල්, සීනි, පරිප්පු ඇතුඵ මහජන දේපල තෝරාගත් ඡන්දදායකයින් අතර බෙදාහැරීමට සුදානම් කොට තිබියදී එම භාණ්ඩ ට්රැක්ටරයනික් ප්‍රවාහනය කරමින් සිටය දී ජනතාව එම භාණ්ඩ ප්රපොලීසිය වෙත රැගෙන ගොස් බාරදී ඇත.
ප්‍රදේශයේ ජනතාව, මැතිවරණ නිරීක්ෂකයින්, විපක්ෂයෙන් අපේක්ෂකයින් ද සිටිය දී පොලිස් ස්ථානාධිපතිවරයා මෙම නීති විරෝධී භාණ්ඩ සහ ප්‍රාදේශීය සභාවට අයත් ට්රැක්ටරය නිදහස් කොට තිබේ. ඒ සඳහා දැඩි විරෝධය එල්ලවද්දී පොලිස් ස්ථානාධිපතිවරයා සිය ජංගම දුරකතනය ද පසෙක තමා ‘මට ඔය මොන කොමසාරිස් වුනත් එකයි. මම කරන්නේ මට අවශ්‍ය දේ යැයි‘පවසා කිසිදු දුරකතනයකට පිළිතුරු නොදී සිටි බවත් කැෆේ සංවිධානය කියයි.
හපුතලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉතා මෑතක දී එම තනතුරට පත් කරනු ලැබූ අයෙකු වන අතර මැතිවරණ සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ඉතා පක්ෂග්රාහී ලෙස කටයුතු කරන බවට දේශපාලන පක්ෂ ද, මැතිවරණ නිරීක්ෂකයින් ද චෝදනා කරති.
මේ අතර අද (06දා) හපුතලේ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි උඩවිහාරගල ජනතා විමුක්ති කාර්යාලයට ද නාදුනන පිරිසක් පහරදී තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.