ජනවාරි හා පෙබරවාරි වන විට ගැටලු අවසන්
- 8 12 2017
- 17:28
- {{hitsCtrl.values.hits}} views
- . .
රටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ඇතිවූ ගැටලුකාරි තත්ත්වයන් ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි වන විට පාලනය කිරීමට හැකිවෙතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අයහපත් කාලගුණය හෙතවෙන් ඇතිවූ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ඔහු මෙ බව සඳහන් කළේය.
එසේම අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට සහන ලබාදීමට කොමිටියක් පත් කර ඇති බවත් කෘෂිකර්මාන්තය ට සිදුවී ඇති බලපැම සොයා වාර්තා කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රකාශය
"පසුගිය කලය තුළ දේශගුණික හා කාළගුණික රටාවේ වෙනසක් ඇති වුණා. පසුගිය නොවැම්බර් මස බලාපොරොත්තු වූ මොසම් වැසි ඇති නොවීම නිසා වියළි කාලගුණය ඇති වුණා.
ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස් කම් ක්‍රමයෙන් වෙනස් වෙනවා. මෙය රටේ ආර්ථිකයට හා ගෘහස්ථ ආර්ථිකයට බලපා තිබෙනවා. සමහර පළාත් වල කන්න තුන හතරක් වගා පාළු වුනා. පොල් ඵලදාව අඩු වුණා. එළව්ළු වගාව සියයට 30%කින් අඩු වුණා.
2017 එළවළු වගාකරන්න හැකි වුණේ උඩරට හෙක්ටයාර් 10712ක්. පහතරට 19000ක් පමණයි.
දැනට තිබෙන වර්තා අනුව පොල් ඵලදාව මිලියන 40ක් වුවමානායි. මැයි වනවිට මිලියන එකසිය හතළිහක් අවශ්‍ය වෙනවා. ආහාර ද්‍රව්‍ය ඉහළ යෑම නිරීක්ෂණය වුණා.
රටේ ජාතික ආර්ථික වර්ධනය අඩුවීමක් සිදු වුණා. නියඟය හා ගං වතුර නිසා සියයට 4.5% දක්ව අඩු වී තිබෙනවා. කෘෂි අංශයේ සෘණ ලෙස පෙන්වා තිබෙනවා. දේශගුණය සමස්ත ලෝකයට බලපා තිබෙන කාරණයක්.
කෘෂිකර්ම රටාවන් වෙනස් වුණා. අනෙක් භෝග වගාවන්ට බලපා තිබෙනවා. ඒ පිළිබඳව කරුණු හොයාගැනීම අපහසු වුණා. මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුව බාරගන්න ඕන. යථාර්ථය පැහැදිළි කළ යුතුයි.
අලුත් අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සූදානම්. පසුගිය දා කැබිනට් රැස්වීමේ දී සකාච්ඡා කළා. තීරණ රැසක් ගත්තා. ඒවා කෙටිකාලීනයි.
සතොස ආයතනයෙන් සහල් ආනයනයට මහා භාන්ඩාගාරයට අවසර දුන්නා, මෙ.ටො. ලක්ෂ දෙකක් ලබාගන්න. සම්ප්‍රදායිකව ඉන්නවා ආහාර ආනයනය කරන ව්‍යාපාර, මේ අයටත් දෙනවා. සහල් ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන මහ කන්නයේ සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා.
ජනවාරි මස වනවිට සහල් මිල අඩු කළ යුතුයි. කඩිනම් රටපුර සහල් බෙදා හැරීමේ ක්‍රමවේදයක් සාකච්ඡා කළා. ඒ අනුව රටට වුවමනා සහල් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
පොල් මද ආනයනය කිරීමට ඉඩ දී තිබෙනවා. පොල් ගෙඩිය ගේන්නේ නෑ.වෙනත් එළවලු ගෙන්න වුවමනා නම්, ගොවිමහතුන්ට හානි නොවන ලෙසයි කරන්නේ. සහනාධාර ලබාදෙනවා, වැලිමඩ ගොවීන්ට හා අනෙක් ප්‍රදේශවල අල ගොවීන්ට සහනාධාර ලබාදෙනවා.
මීට අමතරව අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට සහන ලබාදීමට කොමිටියක් පත් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය ට සිදුවී ඇති බලපැම සොයා වාර්තා කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.
අද බෙදා හැරීමේ යාන්ත්‍රණය පෞද්ගලික යාන්ත්‍රණයක් තිබෙන්නේ. සියල්ල එකතු කරගෙන අලුත් බෙදාහැරීමේ ජාලයක් ඇතිකරගන්න තිබෙනවා.
බෙදා හැරීමේ යම් ප්‍රශ්නයක් තිබෙනවා.අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දීම සඳහා ලබන සතියේ අදාළ සියලු පාර්ෂව සමඟ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතු වෙනවා. සභාව මේ ගැන සාකච්ඡා කරන එක හොඳයි. දේශගුණය වෙනස් වීමෙන් ආර්ථිකය අඩාල වෙන්න දෙන්න බෑ. වාර්තා ලැබුණාම සභාව දැනුවත් කරන්නම්. ජනවාරි පෙබරවාරි වන විට මේ තත්ත්වය පාලනය කරනවා. කෙටි කාලීන හා මධ්‍යම කාලීන හා දීර්ග කාලීන පියවර ගත යුතුයි"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


