ජනවාරි පළමු වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 948 දෙනෙකු වාර්තාවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙම රෝගීන්ගෙන් 96ක් කොළඹ නගරසභා සීමාවෙන් වාර්තා වී තිබෙන අතර, පොදුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 209 දෙනෙකු වාර්තා වී ඇත.
යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 113ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 100ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 46ක්, කළුතරින් 33ක්,0 මාතලෙන් 15ක්, නුවරඑළියෙන් 06ක්, ගාල්ලෙන් 09ක්, හම්බන්තොටින් 26ක්, මාතරින් 11ක්,කිලිනොච්චියෙන් 09ක්, වවුනියාවෙන් 04ක්, මුලතිව්වලින් 04ක්, මඩකලපුවෙන් 15ක්,ත්‍රිකුණාමලයෙන් 14ක්, කුරුණෑගලින් 91ක්, පුත්තලමෙන් 92ක්, අනුරාධපුරයෙන් 15ක්, පොළොන්නරුවෙන් 10ක්, බදුල්ලෙන් 08ක්, මොණරාගලින් 53ක්, රත්නපුරෙන් 23ක්,කෑගල්ලෙන් 19ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ ප්‍ර‘දේශයෙන් 18ක් වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ.
කෙසේ වුවද මෙම කාලය තුළදී මන්නාරම දිස්ත්‍රික්කයෙන් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත.