ජනවාරි අට වැනිදා කරන ලද පරිවර්තනේ අරමුණු හා පරමාර්ථ කිසිසේත්ම ආපසු හැරවිමට ඉඩනොදෙන බවත්, තමාට අවුරුදු 49ක දේශපාලන අත්දැකීම් තිබෙන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
අද (04දා) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට බෙලිඅත්ත දක්වා දිවෙන කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
"ජනාවරි අට වන දා කරන ලද රටේ ජනතාවගේ නිහඬ විප්ලවයත් ජනවාරි 8 පරිවර්තනයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු පරමාර්ථත් කිසිසේත් ම ආපසු හරවන්න කිසි කෙනෙකුට ඉඩ තියන්නේ නැහැයි කියන එක මම බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕන. මම අවුරුදු 49 ක දේශපාලන අත්දැකිම් තියන කෙනෙක්. මම මේ හදිස්සියේ දේශපාලනයට ආපු කෙනෙක් නෙවෙයි.
තමුන්නාන්සේලා දන්නවා. ඒ නිසා මම මගේ තිබෙන අත්දැකීම් එක්ක වැඩකරන අපේ පිරිස් සමග අද ගත්තොත් අගමැතිතුමා සහ ඇමති මණ්ඩලය ඒවගේ ම මම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදියට කටයුතු කරන පක්ෂයක් විදියට ගන්න යම් යම් තීන්දු තීරන ඒ සියල්ල තුළ මං බොහොම පැහැදිලිව මගේ තීන්දු තීරණ මං ක්රියාත්මක වෙන්නේ ජනවාරි 8 වන දා සිදු වූ පරිවර්තනය ආරක්ෂා වන විදියටයි කියන එක මං බොහොම පැහැදිලිව කියන්නට ඕනේ" යැයි ඔහු සඳහන් කළේය.