ජනවාරි 01 දා සිට කොළඹ කසළ ඉවත්කිරීම පළාත් පාලන ආයතනවලට
කොළඹ කසළ ගැටලුවට විසඳුම් ලබාදීමට තම අමාත්‍යාංශයට පැවැරුණු වගකීම ජනවාරි 01 දා සිට කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනය වෙත බාර වන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ නගරයේ කැළි කසල ගැටළුව විසඳීමට දායක වූවන් ඇගයීමේ සම්මාන රාති‍්‍රය හෙවත් ‘කොළඹ නගර අලංකරණ සම්මාන ප්‍රධානෝත්සවය - 2017’ අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“1997 ඉඳන් මේ ගැටළුව විසඳන්න හදපු හැම උත්සාහයක්ම ආණ්ඩුවල වරදවලට වඩා සම්පූර්ණ දේශපාලන බලවේගවල පටු විරෝධතා නිසා තමයි මේ ව්‍යසනය අපට ඇතිවුණේ.
මේ දෙසැම්බර් මාසේ 16 මම ගියා අරුවක්කාලූ ප්‍රදේශයේ තිබූ රැස්වීමට, මැතිවරණ කොමසාරිස්තුමා ලියුමක් එවලා තිබුණා කිසිම දේශපාලනඥයෙක් ඒ රැස්වීමට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒ නිසා ආවේ රංගේ බණඩාර මහත්මයා විතරයි. කිසිම විරෝධයක් නැහැ. නැගිටපු ආගමික නායකයෝ, ජනතාව ඇතුළු සෑමදෙනෙක්ම සඳහන් කලේ මේක බොහොම හොඳ වැඩක්. මේකෙන්වත් රටේ ප්‍රශ්න විසඳෙනවා නම් අපි කැමතියි කියලා.
ඒ වගේම මීතොටමුල්ල කසල කන්දත්, බ්ලූමෙන්ඩල් කසළ කන්දත් නාගරික උද්‍යාන බවට පත් කිරීමේ කි‍්‍රයාවලිය ලබන වසරේ ආරම්භ කරනවා. ඒවගේම අපි කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති කිහිපයක් කි‍්‍රයාත්මක කළා. ඒවාත් යම් යම් අභියෝග මධ්‍යයේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව කියන්න ඕනේ.
ඒ වගේම සමහර පාසල් ඇතුළු ඒවයේ අපේ අමාත්‍යාංශයේ කසළ කලමණාකරණ අංශය ගිහින් කටයුතු කළා. අද අපට කියන්න සතුටුයි.දේවි බාලිකා විද්‍යාලය, ඞී.එස්. සේනානායක විද්‍යාලය අද කසළ කිලෝවක් නෙමෙයි ග්‍රෑම් එකක්වත් කොළඹ නගර සභාවට ලබා දෙන්නේ නැහැ. අද ඒ දරුවෝ තමන් ඉදිරිපත් වෙලා ඒ වෙනස ඇති කර තිබෙනවා. ඒ වෙනස සෑම රාජ්‍ය ආයතනයකම, පෞද්ගලික ආයතනයකම ඉදිරි කාලයේදී අපි දියත් කළ යුතුයි.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


