වර්තමානයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන සංඛ්‍යාති සහ විවිධ වූ සංඛ්‍යානමය වාර්තා නිකුත් කිරීම සඳහා සමාජ මාධ්‍යයන් යොදා ගැනීම ආරම්භ කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
දැනට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන, නිල වෙබ් අඩවිය සහ ජන මාධ්‍යයන් පමණක් මේ සඳහා භාවිත කරන අතර, මින් පසුව එම සංඛ්‍යාති නිකුත් කිරීමේ ක්ෂණික යාවත්කාලීන කිරීම් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම @LankaSTAT හා සම්බන්ධ වී ලබාගැනීමට එම දත්ත පරිහරණය කරන්නන්ට අවස්ථාව ලැබෙන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.