ජනරාල් සරත් ෆොන්සේකා කටයුතු කරන්නේ නීතිය නොදන්නා කෙනෙකු ලෙසයි
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කටයුතු කරනුයේ නීතිය නොදන්නා කෙනෙකු ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටින එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසීය.
පවත්නා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට යාමට හැකියාවක් නොමැති බවත්, ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ හෘදසාක්ෂියට එකඟව බවත් පෙරේරා මහතා සඳහන් කළේය.
තමා වෙත එන ඕනෑම සේවාලාභියෙකු වෙනුවෙන් පෙනීසිටීමේ නිදහස තමාට තිබෙන බැවින් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු කීය.
යුද වීරයන්ටත්, සමාන්‍ය ජනතාවටත් එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
&සරත් ෆොන්සේකා නීතිපතිතුමාට චෝදනා කරනවා නීතිඥයන් වෙනස් කළා කියලා. එයා කවුද ඒක තීන්දු කරන්න. එයාට මොකක්ද තියෙන බලය. එයා වෙනත් වචනවලින් කියන්නෙ ඔහු නඩුවක් දැම්මම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් කතා කරන්න ඔහුට අවශ්‍ය නීතිඥයන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් එවිය යුතු බවයි.
එහෙම යුගයක් තිබුණා. ඒ යුගය අවසන් කරලා අපි යහපාලනයකට ඇවිත් ඉන්නෙ. එක්කො සරත් ෆොන්සේකාට නීතිය ගැන අබමල් රේණුවක දැනුමක් නැහැ. නැත්නම් නීතිය දැනගෙන ජනතාව රැවටීමට මෙහෙම කියනවා ඇති* යනුවෙන් ප්‍රකාශ කළේය
අලුත්කඩේ උසාවි සංකීර්ණය පිටතදී මාධ්‍ය මුණගැසුණු ශ්‍රිනාත් පෙරේරා මහතාට මාධ්‍ය වෙතින් ප්‍රශ්න කිහිපයක් යොමුවිය.
ඔබ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙසද මේ අදහස් දක්වන්නේ ?
මම දේශපාලනයයි, වෘත්තියයි පටළවාගන්න කෙනෙක් නෙමෙයි. මගේ පළමු වගකීම නීතිඥ වෘත්තියයි. සේවාලාභියාගේ පක්ෂ, පාට නොබලා පෙනී සිටිනවා. මගේ පක්ෂයෙන් නියෝග අරන් කිසිදිනෙක වෘත්තියේ වැඩකරලා නෑ. මම මහන්සිවෙලා වෘත්තිය දියුණු කරගත්ත කෙනෙක්.
ජෙනරාල් සරත් ෆොන්සේකාට අසාධාරණයක් වුණේ නෑ කියලද ඔබ කියන්නේ ?
අයිතිය තියෙන මිනිහගේ අයිතිය අහෝසි කරලා, තමන්ට නැති අයිතියක් ලබාගන්න උත්සහ ගන්නවා නම් එතනදි අසාධාරණයක් වන පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමක් විතරයි මම කරන්නේ. ඒක එදත් කළා, අදත්, හෙටත් කරනවා. යුද වීරයෙක් කියල ඕන ඕන විදියට පෙත්සම් දාලා අනෙක් පාර්ශ්වයට තමන්ට අවශ්‍ය නීතීඥයන් දාලා, තමන්ට ඕන කරන තීන්දු ගන්න තත්ත්වයට තවම රට පත්වෙලා නෑ.
මේ නඩුවට පෙනී ඉන්න කියලා බලපෑමක් ආවද?
කාගෙවත් බලපෑමක් ආවේ නෑ. කැටගොඩ මහත්තයා සාමාන්‍ය මිනිස්සු එන විදියට මගේ රාජකාරි කරන තැනට ඇවිල්ලා කිව්වා නඩුවට පෙනී සිටින්න කියා. කරුණු කියවා බලද්දි තේරුණා එතුමාට නීතිය ඉදිරියේ අසාධාරණයක් වෙන විත්තිය. ඒ නිසා මම මේ නඩුව බාරගත්තා.
මේ නිසා ඔබේ දේශපාලන අනාගතය අවදානමකට වැටුණෙ නැද්ද?
නීතිපති ධුරය අරන් අග්‍ර විනිශ්චයකාර ධුරය ගන්න අවස්ථාව තිබියදී එහෙම නොකළ මට මොනවා නැති වුණත් කමක් නෑ. ඡන්ද නැතිවෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට යාමට තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඒවා අපේ ප්‍රතිපත්ති වෙනුවෙන් ගෙවන පොඩි පොඩි ගාස්තු විතරයි.
පක්ෂයේ නායකතුමා මේ ගැන ඇහුවෙ නැද්ද?
පක්ෂයේ නායකතුමා ඡන්දෙට මාස දෙකකට කලින් මා සමග කතාකළාට පස්සෙ අද වනතුරු දුරකථනයෙන් හෝ වෙනත් මාර්ගයකින් කතා කරලා නෑ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

