ජනමාධ්‍යවේදීන්ගේ නිදහස් වාර්තාකරණයට එල්ලවෙන තර්ජන වහා නවත්වන ලෙස ඉල්ලමින් දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය හා තවත් මාධ්‍ය සංවිධාන කිපයකගේ සහභාගිත්වයෙන් ඇඹිලිපිටිය නගරදී අද (23දා) උදේ 10 ට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.
ඇඹිලිපිටිය ගැටුමෙන් මියගිය සුමිත් ප්‍රසන්න මහතාගේ මරණ පරීකෂණය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ගේ සටහන් පොත් අධිකරණ භූමියේ දී පසුගිය 13දා ඇඹිලිපිටිය පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වෙයි.