ජනමාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ යතුරු පැදි ලබාගැනීමට ජනමාධ්‍යවේදීන් 2500 කට අධික ප්‍රමාණයක් සුදුසුකම් ලබාදී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.
යතුරු පැදි ලබාදීමට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන්වී තිබෙන බවත්, මේ නිසා යතුරු පැදි ලබාදීමට අවශ්‍ය මුදල ලබාගැනීමට මුදල් අමාත්‍යවරයාට වාර්තාවක් ලබාදී ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.