නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරයක් පවත්වා පසුව අනෙතුක් මැතිවරණ පවත්වන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ජනමත විචාරයක් පැවැත්වීම මගින් වැඩි වාසියක් අත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවත්, ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ද ජනමත විචාරයකට එකඟ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පවසා සිටියේය.