ජනාධිපතිවරුන්ට හැදෙන ලෙඩක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී්ර සුනිල් හදුන්නෙත්ති මහතා ප්රකාශයක් කළේය.
ඒ නව දේශපාලන පක්ෂයක් බිහි කළහොත් රහස් හෙළි කරන බවට ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා ඉකුත්දා කළ ප්රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ජන හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ ආකාරයටම ඇතමුන්ගේ ෆයිල් ආරක්ෂා කළ බවයි.
“මෙය මෙරට ජනාධිපතිවරුන්ට හැදිලා තියෙන ලෙඩක්. දැන් පක්ෂය හැදුවෙ නැත්නම් ඒ රහස් හංගගෙන ඉන්නවාද?. ඒක ජනවරමට පටහැනි නැද්ද? මේකෙන් තේරෙන්නෙ මොකක්ද?. දෙකම එකයි.” යනුවෙන් මන්ත්රීවරයා පැවසීය